Gossips

මහනුවර ගැටුමට වන්දි ගෙවන්න මිලියන දහසක්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවු ගැටුම්වලට අදාළව රුපියල් මිලියන දහසක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා පවසනවා.
කොළඹ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවු ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් හානි වූවන් සඳහා වන්දි පිරිනැමීමද ඊයේ සිදුවුණා.
සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 03 දෙනෙකු හා තුවාල ලැබූවන් 12 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 12 ක් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ලබාදී ඇති බව සඳහන්.
එමෙන්ම, දේපල හානියට පත් පුද්ගලයින් 84 දෙනෙකු වෙත පළමු අදියර යටතේ රුපියල් මිලියන 3 යි දශම 6 යි 5 ක මුදලක් වන්දි වශයෙන් ලබාදී ඇති බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ.