මහනුවර නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි උමං මාර්ගයේ තිබී මළ සිරුරක් හමුව තිබෙනවා.
අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා මහනුවර – කුළුගම්මන ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ හිසේ තුවාල පවතින බවත්, දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.