Gossips

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම 12 වන දා

මහනුවර – ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 12 වන දා සිව් මහා දේවාල කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙනවා.
ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහර ලබන 25 වන දා වීථි සංචාරය කිරීමට නියමිතයි.
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ඊයේ මහනුවර දී පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කියා සිටියේ පොලිතින් ද්‍රව්‍ය පෙරහර නැරඹීම සඳහා රැගෙන ඒමෙන් වළකින ලෙසයි.