Gossips

මහනුවර ඇඳිරි නීතිය ඉවතට – STF ආරක්ෂාව තව දුරටත්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද (06) උදෑසන 6 දක්වා පනවා තිබූ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත්කර තිබෙනවා.
ඇඳිරි නීතිය ඉවත් කළ ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව එම ප්‍රදේශවලට තවදුරටත් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.
තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල දෙපාර්ශවයක් අතර ඇති වූ කලහකාරී සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් අද උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණා.
පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවය අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.