Gossips

මහනුවර අධිවේගයේ කොටසක් අගෝස්තුවේ අවසන් – ඇමති කිරිඇල්ල

මහනුවර අධිවේගී මාර්ගයේ මීගමුව – කුරුණෑගල කොටස ලබන අගෝස්තු මාසය වන විට අවසන් කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (09) ප්‍රකාශ කළා.
ඒ, එම මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම අයවැය විවාදයේදී 4 වන දිනය වන අද (09) සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ පැණයකට ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පිළිතුරු ලබාදුන්නා.