Gossips

මහනුවරදී මෝටර් රථයක් සහ වෑන් රථයක් ගැටී හතරක් රෝහලේ

අද අලුයම 6 ට පමණ මහනුවර නගර මධ්‍යයේ කොළඹ වීදිය මංසන්ධියේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඒ අතරින් එක් කාන්තාවක් මෝටර් රථයේ පැමිණ ඇති අතර අනෙක් තිදෙනා වෑන් රථයේ පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
කොළඹ සිට මහනුවර වෙත පැමිණි මෝටර් රථයක් සහ වත්තේගම සිට කොළඹ බලා ගමන්කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අධික වේගය මෙම අනතුරට හේතුවී ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.
මහනුවර පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
මේ අතර,අවිස්සාවේල්ල සහ දංකොටුව ප්‍රදේශවල සිදු වු රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ – අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ හංවැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, දංකොටුව – නාත්තන්ඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් සිදු වු අනතුරකින් 67 හැවිරිදි ලූණුවිල ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.