Gossips

මහනුවරදී දුම්රියක ගැටී දෙදෙනෙකු මියයයි

මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දුම්රිය මාර්ගයේදී කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (10) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
එක් අයෙකු සුදුහුම්පොල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෘත ශරීර මහනුවර රෝහලේ තැන්පත් කර තිබෙනවා.