Politics Sri Lanka

මහනුවරදී අත්අඩංගුවට ගත් තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින්

මහනුවරදී අත්අඩංගුවට ගත් තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබියදී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාගෙන් තිදෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයන් බව වාර්තා වේ.

ඉන් එක් අයෙකු මේවනවිටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ යෙදෙන්නෙකු බවත් අනෙක් දෙදෙනා හිටපු යුද හමුදා සාමාජිකයෙකු හා හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බව පැවසේ.

ඊයේ(06) රාත්‍රියේත් පුද්ගලයන් 400 ක පමණ කණ්ඩායමක් මැණික් හින්න ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත් හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් පොලීසිය සඳහන් කරයි.