Gossips

මහනුවරට ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් සාමකාමීව නිවෙස්වල රැඳී සිටින ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් රජය එම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර පවතින තත්ත්වය සළකා මහනුවර ත්‍රිත්ව සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර ආරම්භ වීමට නියමිතව තිබූ 101 වන කන්ද උඩරට නිල් මහා සටන දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
එම තරඟය ලබන 09 සහ 10 යන දෙදින තුල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.