මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
පොලිස් මූලස්ථානයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලූ පාසල් ලබන 12 වන සඳුදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කිරීමෙන් පසු යළි පාසල් විවෘත කිරීමට තීරණය කළ බවයි.