Politics Sri Lanka

මහනුවරට අද පස්වරු 6.00 සිට යළිත් ඇදිරිනීතිය

මහනුවරට අද පස්වරු 6.00 සිට යළිත් ඇදිරිනීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද(08) උදේ ඉවත්කල ඇදිරි නීතිය පස්වරු 6.00 සිට හෙට(09) පස්වරු 6.00දක්වා යළිත් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. එය හෙට උදෑසන 6 තෙක් බලපැවැත්වෙනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇඳිරිනීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවත්, නඩු විභාගකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුනට අවුරුදු හතක් දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

ඇඳිරිනීතිය කඩ කළැයි ඊයේ අත්අඩංගුවට ගත් හතර දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.