බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් කළ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
කුලියාපිටිය – දියකලමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
