Gossips

මහනායක හිමිවරුන් ජනපතිට ලියයි

මෙරට ථේරවාදී බුදුදහම මුහුණ දෙන අභියෝග පිළිබදව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
විශේෂයෙන් විවිධ විෂමාචාරවලට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රමණ වෙස් ගෙන සිදුකරන ශාසන විරෝධී ක්‍රියා නිසා සම්බුද්ධ ශාසනයට සහ සංඝයා වහන්සේලාට අපහාසයක් සිදුවන බවයි මහනායක හිමිවරුන් එමගින් පෙන්වා දී ඇත්තේ.
මේ නිසා කඩිනම් පියවරක් ලෙස භික්ෂු හැඳුනුම්පත විධිමත් කර ශ්‍රමණ වෙස් ගත් පුද්ගලයන් සසුනෙන් බැහැර කිරීමට කාලය එළඹ ඇති බවත්, එම ලිපියේ සඳහන්.