Gossips

මහදවල් කැරවෑන් රථයක් පුපුරායයි

ගෑස් කාන්දුවකින් වයෝවෘද කාන්තාවකට අයත් කැරවෑන් රථයක් පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්.
එහිදී නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යන අයුරු අසල්වැසියෙකු විසින් රූගත කර තිබෙනවා.
එම අවස්ථාවේ අදාළ කාන්තාව එහි සිට නොමැති අතර පිටත සිටි ඇය සිය ජීප් රථයෙන් එම ස්ථානයට පැමිණෙනවා.
එම පිපිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේ සේවය වෙනුවෙන් එහි ඇතිකරන ලද සුනඛයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.