දිගින් දිගටම වෙළඳසැලකට පැමිණ මුදල් ඉල්ලූ කප්පම්කරුවෙකුට පහරදී මෙල්ලකිරීමට එහි හිමිකරුවන් සමත්ව තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ ගාල්ල ප්රදේශයෙන්.
ගාල්ල නගරයේ ඇති ඔරලෝසු වෙළඳසැලකට පැමිණි මෙම පුද්ගලයා පිහියක් පෙන්වා එහි හිමිකරුගෙන් මුදල් ඉල්ලීමත් සමඟයි ඔහු එම කප්පම්කරුට පහරදී ඇත්තේ.
අනතුරුව ඔහු යළිත් නැගිට තර්ජනය කර ඇත්තේ පහරදුන් සියලු දෙනා ඝාතනය කරන බවයි.
ගාල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.