Gossips

මහත්මා ගාන්ධිගේ ලිපියක් අලෙවි කිරීමට සැලසුම්

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ලියු ලිපියක් අමරිකාවේ දී අලෙවි කිරීමට සුදානම් වනවා.
1926 වසරේ අප්‍රේල් 6 වනදා ගාන්ධි විසින් අත්සන් කර ඇති ලිපිය ලියා ඇත්තේ එවකට අමරිකාවේ විසු පුජකවරයෙකු වන මිල්ටන් නිව්බෙරි වෙතටයි.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ විශිෂ්ඨතම ගුරුවරයෙකු ලෙසට එම ලිපිය මගින් පෙන්වාදී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
වටිනාකමකින් යුත් පැරණි භාණ්ඩ එක් රැස් කරන පෙනිසිල්වේනියාවේ පුද්ගලයෙකු සතුව තිබූ මෙම ලිපිය ඩොලර් පනස් දහසක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි හෙළිවී තිබෙනවා.
ජාතියේ පියා ලෙසට ද ඉන්දියාවේ හැඳින්වෙන මහත්මා ගාන්ධි හින්දු භක්තිකයෙක්.
කිතු දහම පිළිබඳ පළවූ වාර්තාවක් අධ්‍යයනය කරන ලෙසට අමරිකාවේ පුජක මිල්ටන් නිව්බෙරි විසින් එවන ලද ලිපියකට පිළිතුරු වශයෙනුයි මහත්මා ගාන්ධි අදාළ ලිපිය ලියා ඇත්තේ.