Gossips

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ වැටලීමක

එළඹෙන උත්සව සමයට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද හැටන්, බගවන්තලාව, මස්කෙලිය, කොටගල සහ ගිනිගත්හේන මෙන්ම කොත්මලේ යන නගරවල ආපනශාලා සහ වෙළදසැල් හදිසි පරීක්ෂාවකට ලක් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහිදී පාරිභෝගික ජනතාව මුලාවට පත් කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළඳසැල් රැසක හිමිකරුවන්ට දැඩි අවවාද සහ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.