Gossips

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනිද්දා සංකේත වර්ජනයක

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර ප්‍රජා වෛද්‍ය සේවාවට අයත් තනතුරක් යටතට පත් කිරීමට විරෝධය පළ කරමින් අනිද්දා සංකේත වැඩවර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ ඉහළම තනතුර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර බවයි.
එය මෙලෙස වෛද්‍ය සේවාවට අයත් තනතුරක් බවට පත් කිරීමට දරණ උත්සාහය නතර නොකළහොත් ඉදිරියේදී සියලූම රාජකාරි කටයුතුවලින් ඉවත් වන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.