Gossips

මහජන නියෝජිතයින් ගෞරවාන්විතව හැසිරිය යුතුයි – පැෆ්රල්

මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවේදී ගෞරවාන්විත ආකාරයෙන් හැසිරිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ ක්‍රියාකාරකම් රට අපකීර්තියට පත් කර ඇති බවයි.
මේ අතර, ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් නිරීක්ෂණය කිරීමට ද තම සංවිධානය සූදානම් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.