Gossips

මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් පැෆරල් සංවිධානයේ නිලධාරීන් හමුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ පැෆරල් සංවිධානයේ නිලධාරීන් හමුවුණා.
ඒ පළාත් ​සභා මැතිවරණ ප්‍රමාද වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පත් වුණු සිවිල් සංවිධාන කමිටු සාමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා.