Gossips

මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය – අධිකරණයට කැඳවයි

ලබන 17 වන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට කොළඹ දිසා විනිසුරු ජානකී ද අල්විස් ඊයේ (14) නියෝග කර තිබෙනවා.
ඒ, මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ලංකා විදුලිබල මණ්ඩලය බදු වශයෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 19කට අධික මුදල විදුලිබල මණ්ඩලයේ දේපළ තහනම්කර අයකර දෙන ලෙස ඉල්ලමිනුයි මහජන උපයෝගීතා කොමිසම මෙම පෙත්සම ගොනු කර තිබුණේ.
මහජන උපයෝගීතා කොමිසම විසින් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 6ක වගඋත්තරකරු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, නම් කර තිබුණා.
විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගීතා කොමිසමට මුදල් ගෙවිය යුතු වුවත්, 2018 වර්ෂය සඳහා රුපියල් දහනව කෝටි විසි ලක්ෂ 69,600ක බදු මුදලක් නොගෙවා ඇති හෙයින් මෙලෙස දිසා අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා.