Gossips

මහජනතාවට සහ අමුත්තන්ට අද පාර්ලිමේන්තු ගැලරිය තහනම්

පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන සභා වාරය නැරඹීමට මහජනතාවට සහ අමුත්තන්ට ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අද අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන් සඳහා පමණක් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මීට අමතරව අද දිනයේ කිසිදු අමුත්තෙකුට පාර්ලිමේන්තුව තුළට ඇතුලූවීමට අවසර ලබා දී නොමැති බවද වේත්‍රධාරීවරයා වැඩිදුරටත් කියා සිටියා.
පාර්ලිමේන්තු සභා වාරය අද පස්වරු 1 ට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.