Gossips

මහඔය පොලිස් කොස්තාපල්වරයාගේ මරණයට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට

මහඔය පොලිස් ස්ථානයට අනුයුක්ත, පේරවැල්තලාව පොලිස් මුරපොළේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු සැක කටයුතු අන්දමින් මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මහඔය පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු, සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු සහ 52 හැවිරිදි පොඩිමහත්තා හෙවත් පොඩ්ඩේ නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් තොරතුරු වසන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, අපරික්ෂාකාරී ක්‍රියාවකින් හෝ නොසැලිකිලිමත් ක්‍රියාවකින් මරණය සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.