Gossips

මහඔයදී නිධන් හෑරූ 8ක් අත්අඩංගුවට

මහඔය – නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද අලූයම එකට පමණ සිදුකළ වැටලීමකදියි.
ඔවුන් උහන සහ මහඔය ප්‍රදේශවල පදිංචිකරුවන්.
කැණීම් සඳහා උපයෝගී කරගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 23, 26, 45, 56 වයස්වල පසුවන්නන් බව සඳහන්.