Gossips

මස් පිණිස ගස් බැඳ සිටි අහිංසකයෙක් බේරාගත් මෙහෙයුම

බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේදී මස් පිණිස ගස් බැඳ සිටි කැබැල්ලාවෙකු බේරාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදීයි පොලිසිය කැබැල්ලාව නිරුපද්‍රිතව බේරාගෙන ඇත්තේ.
ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබී දඩ මස් තොගයක් සහ ගංජා පැල තවානක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරු පැනගොස් ඇති අතර බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.