Gossips

මස් කරියේ පණුවන්, ඇඹිලිපිටියේ මංගල සාදයක් උණුසුම් කරයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මංගල උත්සවයකදී, දිවා ආහාරය සදහා සකසා තිබූ කුකුළු මස් ව්‍යාංජනයක ජීවි පණුවන් සිටීම හේතුවෙන් පැමිණ සිටි පිරිස අතර, නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා.
ඇඹිලිපිටිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලාවක ඊයේ මෙම මංගල උත්සවය සංවිධාන කර තිබූ අතර, පැමිණ සිටි අමුත්තන් දිවා භෝජනය ලබා ගැනීමේදීයි මෙම නොසන්සුන් තත්ත්වය හට ගෙන ඇත්තේ.
ආහාර ගැනීමට පැමිණි අයෙකු කුකුළු මස් ව්‍යාංජනයේ පණුවන් සිටි බව පළමුව දැක තිබෙනවා.
අනතුරුව ඔහු එම ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැදවා තිබුණා.
තවත් කුකුළු මස් උත්සව ශාලාවේ තිබූ බව ප්‍රකාශ වුව ද, ඒවා සොයා යනවිට උත්සව ශාලාවේ සේවකයින් ඒවා සගවා තිබුණා.
එහිදී පැමිණි සිටි පිරිස නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිස් ආරක්ෂාව ද ඉල්ලා සිටියා.