Gossips

මස්කෙලිය ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණයා සොයාගනී

මස්කෙලිය ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මවුස්සාකැලේ ජලාශයේ තිබී අද (21) උදෑසන ගොඩ ගෙන තිබෙනවා.
මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙලිය තැපැල් කාර්යයාල ප්‍රදේශයේ පදිංචි පැතුම් මදුසංක ලියනගේ නැමති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
මෙම තරුණයාට ඉතුක් 19 වෙනිදා රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, එම දුරකථන ඇමතුමෙන් පසු එදින රාත්‍රි 7.30 ට පමණ නිවසින් පියව ගිය බවත්, ඉන් අනතුරුව මෙම තරුණායා ආපසු නිවසට නොපැමිණි නිසා ඒ පිලිබදව මිය ගිය තරුණයගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසිය වෙතට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
එම පැමිණිල්ල මත මස්කෙලිය පොලිසියේ නිලධාරින් ජලාශය අවට සිදු කල සොදිසි මෙහෙයුමකදි තරුණායා පැළද සිටි පාවහනක් ජලාශය අසල තිබි හමුවිමත් සමග එම ජලාශයේ ධිවරයන් සහ පොලිස් නිලධාරින් අතුරුදහන් වු තරුණයා සොයා ජලාශය ඊයේ (20) දවස පුරා සොදිසි මෙහෙයුමක්ද දියත් කර තිබුණා.
රන්ගල නාවික හමුදා කදවුරේ නාවික කිමිදුම්කරුවන් විසින් අද උදැසන එම ජලාශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි සිරුර සොයා ගැනිමට හැකි වි තිබෙනවා.
මෙම තරුණයා අතුරුදහන් වු දිනයේ රාත්‍රි 8.20 ට පමණ ජලාශය දෙසට දුරකථනයකින් කතා කරමින් ගමන් කරන අයුරු අසල තිබු සිසිටිවි කැමරාවක දර්ශන සටහන් වී තිබෙනවා.
ජිවිතක්ෂයට පත් තරුණයා ජලාශයට වැටුණාද නැතහොත් ජලාශයට පැන සිය දිවි හානි කරගත්තාද යන්න පිලිබදව අංශ කිහිපයක් ඔස්සේ මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වනවා.
ගොඩගත් සිරුර හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙලිය පොලිසිය ප්‍රකාශ කළා.