මසකට දින දෙකක් පමණක් පානීය ජලය ලබාදීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන ගම්වාසීන් පිරිසක් පිළිබඳව හිරු ප්රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. 
ඒ, ගිනිගත්හේන – පතන – අඹේගොඩ ප්රදේශයෙන්. 
ඔවුන්ට මසකට දින දෙකක් පමණක් ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය නිකුත් කරන බවයි ප්රදේශවාසීන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. 
කෙසේ වෙතත්, දින දෙකක් ජලය නිකුත් කළ ද ඊට අදාළ බිල්පත නිශ්චිත දිනට ලබාදීමට කටයුතු කිරීම පුදුමයට කරුණක් බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ.rnrnrn



