Gossips

මව සහ දියණියට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්

මහනුවර – නුගවෙලදී මවකට සහ කුඩා දියණියකට මරු කැදවමින් රිය අනතුරක් සිදුකළ පෞද්ගලික බස් රථ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කුරුණෑගල සිට කටුගස්තොට දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව, පියා සහ කුඩා දියණිය රැගත් යතුරුපැදිය නුගවෙල ඩිපෝව අසලදී එම දිසාවටම ඉදිරියෙන් ගමන් කරමින් තිබූ තවත් යතුරුපැදියක පසුපස ගැටී අනතුරට ලක්වුණා.
එහිදී කටුගස්තොට සිට කුරුණෑගල දෙසට ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක යටවීමෙනුයි මව සහ දියණිය ජීවිතක්ෂයට පත්වුණේ.
මේ අතර, බදුල්ල – පස්සර නගරයේ අද අලූයම ඇති වූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.