Gossips

මව සමඟ ඇතිවූ ආරවුල නිසා බාප්පා ඝාතනයකර පලා ගිය පුත්‍රයා

බොරලැස්ගමුව – වේරහැර – කහටගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එහිදී බිරිඳගේ පෙර විවාහයේ පුත්‍රයෙකු විසින් ඊයේ (15) පස්වරුවේ මෙම ඝාතනය සිදුකළ බවට අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.