Gossips

මව විශ්‍රාම යන දිනයේ දුව සමග ගුවනින් ගිය ගමන

මව සමඟින් ඇයගේ අවසන් සේවා දිනයදා ගුවන් යානය පදවාගෙන ගිය දියණියක පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පූජා චින්චන්කර් වූ මෙම මව එයාර් ඉන්දියා ගුවන් සේවයේ වසර 38ක් සේවය කළ අතර ඇයගේ සිහිනයක් වී තිබුණේ ගුවන් නියාමකවරියක් වූ ඇයගේ දියණිය සමඟින් අවසන් ගුවන් චාරිකාවේ නිරත වීමයි.
කුඩා කළ සිටම පූජා විසින් ඇයගේ දියණිය වූ අෂ්රීටා හට ගුවන් නියාමකවරියක් වන්නැයි පවසා තිබුණු අතර එය සැබෑවක් කරමින් අෂ්රීටා එයාර් ඉන්දියා ගුවන් සමාගමට එක්වූයේ ඇයගේ මවද එහි ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන කාලවකවානුවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව ට්විටර් ගිණුමේ සටහනක් පළකරමින් අයගේ දියණිය ප්‍රකාශ කර තිබුනේ තමාට මෙම අවස්ථාව ඉතාමත් සංවේදී මොහොතක් වූ බවත් ගුවන් යානයේ සියළු දෙනා ඇයගේ මවට අත්පොලසන් දී සුභපැතුම් එක්කර සිටීම ඉතාමත් සතුට දනවන කාරණයක් වූ බවයි.
එමෙන්ම තමන්ගේ මව අවසන් කළ සේවයේ අභිමානය රැකීමට ඇය හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි අෂ්රීටා වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ.
rnrnrnrnrnrn