Gossips

මව විලිරුදාවෙන් කෑ ගසද්දී දරු උපත සිදුනොකර 2019 උදාවනතුරු ගනිමින් සිටි අමානුෂික වෛද්‍යවරු

මව විලිරුදාවෙන් කෑ ගසද්දී දරු උපත සිදුනොකර 2019 උදාවනතුරු ගනිමින් සිටි අමානුෂික වෛද්‍යවරු (වීඩියෝ සහිතයි)
2019 වසර උදාවත් සමඟ මෙලොව එලිය දුටු දරුවන් ගැන මේ වනවිට ලෝකයම කතාවනවා.
කෙසේ වෙතත් අවුරුදු උදාව සිදුවන තෙක් බලා සිට දරු උපතක් සිදුකළ රෝහලක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය සිදුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ගොත්මාලාවෙන්.
එරට අගනුවර පිහිටි මාතෘ රෝහලක මෙම සිදුවීම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එහිදී මව විළිරුදාවෙන් කෑ ගසමින් සිටියදී ඇය වටකරගෙන සිටි රෝහල් කාර්යමණ්ඩලය තත්පරෙන් තත්පරය ගනිමින් නව අවුරුදු උදාව සිදුවන තුරු බලා සිටිනවා.
ඇතැමුන් එම අවස්තාව වීඩියෝ කරමින් කෑ ගසන අයුරු ද එහි දැක්වෙනවා.
මෙලෙස නව වසර උදාවනතුරු සිට තම දරුවා බිහිකරන ලෙස මව කළ ඉල්ලීමකට අනුව එය සිදුවුණ බවටද ඇතැම් පුද්ගලයන් පෙන්වා දී තිබුනා.
කෙසේ වෙතත් එම වීඩියෝව අන්තර්ජාලයට එක්වීමත් සමඟ ලොවපුරා සිටින පුද්ගලයන් එම සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩිලෙස විවේචනය කර තිබෙනවා.
ඇතැමුන් පෙන්වාදී තිබුනේ වෘත්තිමය මිනිසුන්ගේ හිඟකම හේතුවෙන් මෙවැනි නොමනා සිදුවීම් වන බවයි.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.