Gossips

මව පමණක් ඉතිරි කර දෙහිඅත්තකණ්ඩිය අනතුරෙන් තවත් පුතෙකු මියයයි

එකම පවුලේ තුන්දෙනෙකුට මරු කැඳවූ දෙහිඅත්තකණ්ඩිය රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ පස් හැවිරිදි පිරිමි දරුවාද මියගොස් තිබෙනවා.
එම අනතුරෙන් මේ වනවිට ජීවත්ව සිටින්නේ 35 හැවිරිදි මව පමණක් වන අතර, ඇය බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
ඊයේ (14) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සඳුන්පුර – ලිහිණියාගම මාර්ගයේ උත්තලපුර ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ මව, පියා සහ ඔවුන්ගේ පුතුන් තිදෙනා ගමන් කරමින් සිටියා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි පියා, අවුරුදු 14 සහ 10 යන වයස්වල පසුවන පුතුන් දෙදෙනා මියගියා.
පස් හැවිරිදි පුත්‍රයා සහ 35 හැවිරිදි මව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු අතර පසුව මොවුන්ගේ තත්ත්වය බරපතල බැවින් පොළොන්නරුව රෝහලට මාරු කර යැවුණා.
අද (15) පෙරවරුවේ පස් හැවිරිදි දරුවා මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.