Gossips

මවුස්සාකැලේ ජලාශයෙන් ඝනදෙවියන්ගේ පූජා භූමිය මතුවෙයි

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහල අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කල බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.
කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුල ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුවා.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහල බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝනදෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසීන් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර තිබෙනවා.
එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවතිනවා.


මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවතිනවා.
එම ජලාශයේ 34% ජල ධාරිතාවක් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.