Gossips

මව් සෙනෙහසට පණ දෙන්න ලක්ෂ 12 ක් හොයන මොණරාගල දිරිය දියණියන් තිදෙනා

තම මවගේ හෘද සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට උත්සහ දරන දිරිය දියණියන් තිදෙනෙකු පිළිබඳව පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස තම මවගේ ජීවිතය වෙනුවෙන් කැපවූ දියණියන් තිදෙනා අදාළ සැත්කමට අවශ්‍ය මුදල් සොයාගැනීමට හෙට දිනයේ (11) ප්‍රසංගයක් සූදානම් කර තිබෙනවා.
ඒ මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි.
මොනරාගල රාජකීය ජාතික පාසලේ ඉගෙනුම ලබන දැරියන් දෙදෙනකු තම වැඩිමහල් සහෝදරියද සමඟ එක්වයි මෙම ප්‍රසංගය පවත්වන්නේ.
ඔවුන් රසිකා එරන්දතී, යශෝධා සමන්මලී හා නිමංශ්‍යා සුගන්ධිනී යන සහෝදරියන්.
එය නම්කර ඇත්තේ "ස්නේහ වර්ෂා" නමින්.
මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් වන Teachers UNPLUG මෙහි සංගීතය සපයනු ලබනවා.
ඔවුන් මෙම සංගීතය සැපයීම වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකිරීමටද තීරණය කර තිබීම විශේෂත්වයක්.
වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ එම දියණියන්ගේ මවගේ සැත්කම සති දෙකක කාලයක් ඇතුළත කළයුතු බවයි.
එයට රුපියල් ලක්ෂ 12ක් පමණ වැය වන බවට අනුමාන කර ඇති අතර කඩිනමින් මෙවැනි මුදලක් සොයාගැනීමට නොහැකිවීම හේතුවෙනුයි ඔවුන් මෙම ප්‍රසංගය පවත්වන්නේ.