මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද විරෝධතා පා ගමනක් පැවැත්වුවා.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන නිදහස් චතුරශ්රය දක්වා ගොස් එහිදී ඔවුන් නිහඩ විරෝධතාවක නිරත වූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
දැනට සිරගත කර සිටින ක්රියාන්විතයේ යෙදී සිටි රණවිරුවන් 04 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතා පා ගමන සංවිධාන කර තිබුණේ.
මීට දින 04 කට පෙර මොවුන් කොටුව – දුම්රියපල ඉදිරිපිට සත්යග්රහයක්ද ආරම්භ කළා.
ඊට සමගාමීවයි අද (04) පෙරවරුවේ මෙම විරෝධතා පා ගමන සංවිධාන කර තිබුණේ.