Gossips

මව්කුස තුලදී බිළිෙදකුට ප්‍රථම වරට සාර්ථක සැත්කමක්

මව් කුසයේ සිටියදී බිළිඳෙකුට සාර්ථක ශල්‍යකර්මයක් සිදුකිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
එම ශල්‍යකර්මය සදහා පැය දෙකක පමණ කාලයක් ගතවී ඇති බව සදහන්. මෙලෙස මව්කුස සිටියදී බිළිඳෙකුට මෙරට රෝහලක සාර්ථක ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවටයි.
සිය තුන්වන දරුවා බිහිකිරිමට සුදනම්ව සිටි බිබිල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් පේරාදේණිය ශික්ෂණ රෝහල වෙත යොමුවී ඇත්තේ බිබිල රජයේ රෝහලේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර ලැබීමටයි.
කුස තුළ සිටින බිළිදාගේ ගෙල ප්‍රදේශයේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් පවතින බව එහිදි සිදුකල විශේෂ ස්කෑන් පරික්ෂණයකදි තහවුරු වී තිබෙනවා.
ගෙල ප්‍රදේශයේ විශාල ගෙඩියක් ඇති වීම නිසා ස්වසන මාර්ගය හා පෙනහළු අවහිර වන ටෙරටෝමා නැමති රෝගයෙන් මෙම දරුවා පෙලී සිට ඇති බවයි ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය චතුර රත්නායක සදහන් කළේ්.
මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් වන මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින්.
ළමා රෝග විශේෂඥ මහාචාර්ය මාතුල හෙට්ටිආරච්චි කියා සිටියේ කලාතුරකින් ඇති වන මෙවන් තත්ත්වයක් තුළ සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබීම පිළිබදව සතුටු වන බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ සදහන් කලේ සැත්කම සාර්ථකව සිදුකිරීමෙන් පසු මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවයි.