Gossips

මවගේ අනියම් පුරුෂයා අතින් ඝාතනය වූ අඹන්පොල තරුණයා

අඹන්පොල, වලත්වැව, අඹෝගම ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඊයේ (20) දහවල් පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ හිසේ තුවාලයක් දක්නට ලැබුණු බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇති පුද්ගලයා තරංග ප්‍රදීප් කුමාර නැමැති 28 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
සිදුවීමට අදලාව සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තා මියගිය තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා බවට කරනු අනාවරණය වී ඇති බව සඳහන්.
මියගිය තරුණයා සහ අත්අඩංගුවට ගැනුණු සැකකරු අතර කලක සිට පැවති ආරවුලක් මත යකඩ ඉන්නකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් සැකකරු අද (21) දින මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා සිරුර කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.