වාසය අවුරුදු එකක කුඩා බිලිඳියක් දුම්රිය මාර්ගයට ඇද වැටී දිවිබේරාගත් ඇදහිය නොහැකි වාසනාවන්ත සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි මේ පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇත්තේ.
අදාළ බිලිඳියගේ මව සහ පියා ඔවුන්ගේ අනෙක් දරුවාද සමඟ දුම්රිය ස්ථානයක දුම්රිය පැමිණෙන තුරු බලා සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදෙන්නේ.
එහිදී මවගේ අතින් ලිස්සා යන කුඩා බිලිඳිය ඇදවැටෙන්නේ රේල් පාර මතටයි.
කෙසේ වෙතත් කිසිවෙකු නොසිතූ ලෙස ඒ ඇසිල්ලෙන්ම එම මාර්ගයේ දුම්රියද පැමිණෙනවා.
මොහොතකට සියල්ලන් හඬා වැටෙද්දී දුම්රිය බිලිඳා වැටුණු ස්ථානය පසුකර යන අතර එක් පුද්ගලයෙකු සැණින් දුම්රිය මාර්ගයට පනින අයුරු එම වීඩියෝවේ දක්නට ලැබෙනවා.
එහිදී සියල්ලන්ට දැකගත හැකි වන්නේ බිලිඳිය නිරුපද්‍රිතව සිටින ආකාරයයි.
කඩිනමින් එම පුද්ගලයා බිලිඳිය දෝතට ගෙන එම ස්ථානයේ රැස්ව සිටි පිරිස අතර සිටින කාන්තාවකට ලබාදෙනවා.
ඒ අනුව සියල්ලන් මෙම ආශ්චර්යමත් සිදුවීම දැක මවිත වූ අතර බොහෝදෙනෙකු පවසන්නේ එම දැරිය වෙත දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණු බවටයි.
තම කුඩා දරුවන් පිළිබඳව තවදුරටත් විමසිලිමත් වන ලෙසට සමස්ත මව්පියන්ට තවත් සංවේදී පාඩමක් කියාදුන් එම අවස්ථාව පහතින්.
rn