Gossips

මවක සහ දියණියකගේ සිරුරු දෙහිඅත්තකණ්ඩිය ඇළකින් සොයාගනී

දෙහිඅත්තකණ්ඩිය – බිහිරිසොරොව්ව වැවේ සිට ජලය රැගෙන යන ඇළෙහි තිබී දියනෑමට ගොස් ගිලී මියගිය දැරියකගේ සහ මවකගේ සිරුරු පොලීසිය අද දහවල් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගිය දැරියගේ වයස අවුරුදු 4 ක් වන අතර, මව 30 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කළේ.
දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවූ බවට පොලීසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
මේ අතර සියඹලාණ්ඩුව – දෙකේ කණුව මහා විද්‍යාලයේ සිසුවෙකු අද තවත් සිසුවෙකුට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් අදාළ සිසුවා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
සිසුන් දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක් ඊට හේතුවී ඇති බව සඳහන්.