Gossips

මවක් සහ බිළිඳියක් අනතුරට ලක් කළ අනතුර කැමරාවක සටහන් වෙයි

බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් කුඩා දැරියක ඇතුලු 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරුව ඉන් එක් යතුරුපැදියක් ත්‍රී රෝද රථයක ද ගැටී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද උදෑසන 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදිකරුවන්ගේ අනාරක්ෂිත ධාවනය ඊට හේතුව බව සඳහන්.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ත්‍රී රෝද රථයේ සිටියදී තුවාල ලැබු මව සහ කුඩා බිළිඳිය බණ්ඩාරගම රෝහලටයි ඇතුලත් කර ඇත්තේ.
තවත් යතුරුපැදිකරුවෙකු පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර අනතුර අසල වෙළඳසැලක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.