Gossips

මවක් සහ පුත්‍රයෙක් ගෙළ වැලලාගෙන මියයයි

මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ මවක සහ පුත්‍රයෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ සවස ලැබුනු තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අවුරුදු 69 ක් වන කාන්තාවක් සහ අවුරුදු 44 ක් වයසැති පුත්‍රයායි.
ඔවුන් දෙදෙනා නිවසේ මුලුතැන්ගෙය තුල බාල්කයක ගැට ගැසූ සාරි පොටක ආදාරයෙන් එකම ස්ථානයේ ගෙළ වැලලාගෙන ඇති අතර මීට දින දෙකකට පමණ පෙර මෙය සිදුව ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් විසින් ලියන ලද ලිපියක් නිවසේ සාලයේ තිබී පොලිසියට හමුවී තිබෙනවා.
මෙම දිවි නසා ගැනීම ඔවුන් විසින්ම සිදු කර ගන්නා බවට එහි සඳහන්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
ගෙල වැලලා ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
මෘත ශරීර එම නිවසේම ඇති අතර අද මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.