Gossips

මවකට මරු කැඳවූ ගිරිඋල්ලේ අනතුර

ගිරිඋල්ල, අතුරුවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස් ගත කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (03) සවස සිදුවූ අනතුරෙන් යතුරුපැදියේ පසුපස ගමන් ගත් කාන්තාවක් එම අවස්ථාවේම මියගොස් ඇති අතර අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ යතුරුපැදිය පැදවූ ඇයගේ පුත්‍රයා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා විදුහල්පතිව රයෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
ලොරි රථය පැදවූ රියදුරා පොලිසිය විසින් අඩංගුවට ගෙන අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අඟහරුවාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.