Gossips

මවකගේ වේදනාවට තිත තැබූ හිරු CIA

තම දියණියගෙන් පහරකෑමට ලක්වන කුරුණෑගල – යකල්ල ප්‍රදේශයේ මව පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාල සිදුවීම පිළිබඳ හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමත් සමග ඊයේ රාත්‍රියේම අදාල නිවසට ගිය ගොකරැල්ල පොලිසිය පහරකෑමට ලක්වූ මව රෝහල් ගත කිරීමට කටයුතු කළා.
කුරුණෑගල – යකල්ල ප්‍රදේශයේ වයෝවෘද මවකට ඇගේ දියණිය විසින් දිනපතා කෲර ලෙස පහර බව ගම්වාසීන් හරහා තොරතුරු ලැබීමත් සමග හිරු සී.අයි.ඒ.ඒ පිළිබද විමර්ශනය කළා.
ඊයේ 6.55 හිරු ප්‍රවෘත්ති හරහා මෙම සිද්ධිය අනාවරණය කිරීමත් සමග ගොකරැල්ල පොලිසිය අදාල නිවස වෙත පැමිණියේ 1990 හදිසි ගිලන් රථ සේවාව ද සමගින්.