Gossips

මලියදේව සිසුවාට පහරදුන් ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයා රිමාන්ඩ්

පසුගිය 28 වැනිදා කුලියාපිටිය තිස්ස මාවතේදී මලියදේව විදුහලේ සිසුවෙකුට අමානුෂීය අන්දමින් පහර දුන් ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයා හා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 16 හැවිරිදි පාසැල් සිසුවා මේ මස 11 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (08) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි.
පාසල් සිසුවාට පහරදීම සිදුකර ඇති බවට සැක කෙරෙන කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ නිමන්ත ප්‍රමෝද් නැමැති පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට තරඟ කළ අපේක්‍ෂකයෙක්.
ඔහු පහර දීම සිදුවූ දිනම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අද දින නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ නඩුව ලබන 11 වනදා යළි නැවත කඩවීමට නියමිතයි.
සිසුවාට පහරදෙන අකාරය සිද්ධිය වූ ස්ථානය අසල පිහිටි වෙළදසලක සවි කර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්.
එම වීඩියෝව පහතින්..