Gossips

මලාවි රාජ්‍යයේ ගාන්ධි පිළිරුවක් ඉදිකිරීම තාවකාලිකව නවතී

ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු ලෙස සැළකෙන මහත්මා ගාන්ධිගේ පිළිරුවක් මලාවි රාජ්‍යයේ ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, එරට අධිකරණය ලබාදී ඇති නියෝගයක් හේතුවෙන්. මලාවි රාජ්‍යයේ වාසය කරන ගාන්ධි විරෝධී ඉන්දියානුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය කර ඇත්තේ.
නැගෙනහිර අප්‍රිකානු රටක් වශයෙන් සැළකෙන මලාවි රාජ්‍යයේ අගනුවර වන බ්ලැන්ටයර් නගරයේ ඉදිකිරීමට යෝජිත මෙම ප්‍රතිමාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් වැය කිරීමට නියමිතයි.