Gossips

මලාලා යළි මව්බිමට

නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 07කට පසු පළමු වතාවට තම මව් බිම වන පකිස්ථානයට ගොස් තිබෙනවා.
ඇය දින හතරක් පකිස්ථානයේ රැඳී සිටින අතර පකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීඩ් අබ්බාසි සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ඇය මේ වනවිට ජීවත්වන්නේ එංගලන්තයේයි.
20 වියේ පසුවන මලාලා, 2012 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් සහ අධ්‍යාපනය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලෙයිබාන් ත්‍රස්තයින්ගේ වෙඩි පහරටද ලක්වුණා.