Gossips

මල් බඳුන්වල වැවූ ගංජා

නිවසක් තුල නීති විරෝධී ලෙස වගා කර තිබු ගංජා පැල 17ක් සමඟ පුද්ගලයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 43ක අයෙක් බවයි වාර්තා වන්නේ.
ගොහාගොඩ, ජයන්ති පාර ප්‍රදේශය පදිංචි අදාල පුද්ගලයා විසින් මල් බඳුන් 02ක් උපයෝගි කර ගනිමින් මෙලෙස ගංජා පැල වගාකර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුගස්තොට පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.