Gossips

මල්වතු පාර්ශවයෙන් ජනපතිට ආරාධනයක්

තවත් වසර 05 ක් රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් මෙරට ජනතාවට සෞභාග්‍ය උදා කරන්නැයි මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනාවක් කළා.
ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවකට අද එක්වෙමින්.
එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය වැනි බිහිසුණු උවදුරුවලින් සමාජය ගලවා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සිය උපදේශකත්වය යටතේ සිදුකරමින් පවතින බවයි.
ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සුවිශේෂී වැඩ රාශියක් සිදුවූ බවද උන්වහන්සේ එහිදී අවධාරණය කළා.
මේ අතර, හදිසි අනතුරු හේතුවෙන් මොලය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද ජනාධිපතිවරයා ඉදිරියේ අද සිදුකෙරුණා.