Gossips

මල්වතු ඔය ප්‍රතිසංස්කරණයට පියවර (ඡායාරූප)

අනුරාධපුර නගරයට සෑම වසරකම බලපෑම් එල්ල කරන ගංවතුර තර්ජනයට පිළියමක් ලෙසට මල්වතු ඔය පිළිසකර කිරීමට අවධානය යොමුවී තිබෙනවා.
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එහිදී අනාවරණ වී ඇත්තේ වසර ගණනාවක සිට මල්වතු ඔය ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ඉවුරු සේදී ගොස් ජලාශය ගොඩවී ඇති අතර ගස් වැටීම මෙන්ම කැලි කසල ඉවුරු දෙපස රැඳී තිබීමෙන් ඔය ගොඩවී ඇති බවයි.
ආක්‍රමණික ශාක වැඩීම හේතුවෙන් ද සුලු වර්ෂාවකදී පවා මල්වතු ඔය පිටාර ගැලීමෙන් ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බවට මෙහිදී අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ඉදිරි සතිය තුල මල්වතු ඔය තුළ පවතින ආක්‍රමණික ශාඛ හා අපද්‍රව්‍ය ඉවත් කර පහසුවෙන් ජලය බැස යන ලෙසට ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.

ඡායාරූප – එප්පාවල තිසර සෝමරත්න